මිනිසත් කමක් නොහඳුනනා කුරිරු ලොවේ..මිනිසෙකු මල නිසයි දුක මරණයට නොවේ..

පුරුදු කල හිතකට මරණය තවත් එක් ගමනක් පමණයි කියල පූජ්‍ය අජාන් චා හාමුදුරුවෝ එක්තරා වෙලාවකදී දේශනා කලා. මරණය ගමනක් නම්, කුමුදු සර් තරම් ඒ ගමනට සූදානම් වෙලා හිටපු කෙනෙක් නැතුව ඇති. අප අතරින් වෙන් වෙන්න දවස් කීපයකට කලින් ලියපු අන්තිම ලිපියේ සර් තමන්ගේ මරණය ගැන ඉඟි කරනවා. කුමුදු සර්ගෙන් ඉගන ගත්ත අය කොච්චරනම් වාසනාවන්තද ? අපේ අවාසනාවට සර්ට අපි වෙනුවෙන් දැනුම බෙදාගන්න පුලුවන් උනේ මාස හතරකට ආසන්න කාලයකට විතරයි. නිවෙන්න කලින් පහනක දීප්තිය වැඩි වෙන්නා වගේ මේ අවසාන කාලයේ සර් සිංහල බ්ලොග් අවකාශයට එකතු කල අලෝකයෙන් අලෝකමත් වුනු අපට සර්ගේ අඩුව තදින් දැනේවි. සර්ට නිවන් සුව ලැබේවා කියල කියන්න තරම් අපි පරාර්ථකාමී නෑ. සර් ආයෙත් මේ පොළවෙම ඉපදී මෙ කල මෙහෙවර ඉදිරියටත් කරගෙන යාමට පුලුවන් වෙන්න කියල ආත්මාර්ථකාමී ප්‍රාර්ථනයක් කරන්නම් අපි.

No comments:

Post a Comment

Labels

Blog Archive