"සිතුවිලි නිම්නය" - ලාංකීය සිතුවිලි සාහිත්‍ය අතිරේකයේ කල එළි දැක්ම.

http://magazine.lankeeya.lk

නොයෙකුත් අරමුණු - මාතෘකා යටතේ, හෙළ බසින් ලියැවෙන බ්ලොග් සටහන් අතරේ, තම තමන්ගේ නිර්මාණශීලී හැකියාවන් කල-එළි දක්වනු පිණිස, බ්ලොග්කරණයේ නියැලෙන අතලොස්සක් වූ බ්ලොග්කරුවන් පිරිසක්ද දැකිය හැකියි. ඔවුන්ගේ නිර්මාණ වලට වැඩි පාඨක අවධානයක් ලබාදෙනු වස් ඇරඹි නවමු අංගයයි, ලාංකීය සිතුවිලි සාහිත්‍යය අතිරේකය.

මෙම අතිරේකය, සෑම සතියකම ඉරිදා දින‍යේ පළවන අතර, එක් කලාපයක් පුරා සතියක් මුළුල්ලේ ම ප්‍රදර්ශනය කෙරේ. එය, ඔබ විසින් අප වෙත යොමු කරන නිර්මාණ වලින් සහ අප විසින් තෝරාගන්නා ඔබේ නිර්මාණ වලින් සමන්විත වනු ඇත.

ඔබ විසින් ප්‍රබන්ධ කෙරෙන ගද්‍ය, පද්‍ය නිර්මාණ මෙන්ම පරිවර්තන හා අනුවර්තන ද අතිරේකයේ පල කිරීමට සුදුසුකම් ලබයි. එසේම, නිර්මාණශීලි ලෙස ඉදිරිපත් කර තිබේ නම්, එය ඔබේ පුද්ගලික අත්දැකීමක් වුවද විය හැකියි. වැඩිපුර පාඨක ඇස නොගැටුනු නිර්මාණ කෙරෙහි මෙන්ම, පැරණි නිර්මාණ කෙරෙහිද වැඩි සැලකිල්ලක් දැක්වෙනු ඇති.

අතිරේකයේ පල කිරීමට තෝරාගනු ලබන්නේ, ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයට ඇතුලත් කර ඇති බ්ලොග් අඩවි වල පලවන නිර්මාණ පමණයි. නිර්මාණ යොමු කිරීම සඳහා "නිර්මාණ යොමුව" සබැඳියා හරහා ලැබෙන පෝරමය හෝ magazine@lankeeya.lk යන විද්‍යුත් ලිපිනය භාවිතා කළ හැකියි. (නිර්මාණ යොමු කිරීම යන්නෙන් අදහස් කරන්නේ ඔබේ ලිපියේ වෙබ් ලිපිනය අපවෙත ලබා දීමයි.)

ඔබ, ඔබේ නිර්මාණය බ්ලොගයේ පළකල කාල වකවානුව පිළිබඳව කිසිදු ගැටළුවක් ඇති නොවේ.එනම්, ඉතා මෑතදී කල නිර්මාණ මෙන්ම බොහෝ කලකට පෙර පලකල නිර්මාණ ද ඉදිරිපත් කල හැකියි.
ඔබ වෙනුවෙන් විවෘත කර ඇති, අපගේ magazine@lankeeya.lk යන විද්යු ත් ලිපිනය ඔස්සේ ඔබ දක්වන අදහස් - උදහස්, යෝජනා - චෝදනා අනුව "සිතුවිලි නිම්නය" ඉදිරියේදී තව තවත් හැඩ වැඩ වෙනු ඇති.
ඉතින්, සිංහල බ්ලොග් අවකාශයේ පීදෙන - රන් සිතුවිලි අස්වැන්න, සීරුවෙන් නෙළා ගන්නටයි මේ සූදානම..!

No comments:

Post a Comment

Labels

Blog Archive