ප්‍රහේළිකාව - නිවැරදිම සහෘදයා - නදීShani

2010 සාහිත්‍ය මාසය වෙනුවෙන්, ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනය මගින් පවත්වන්නට යෙදුනු ප්‍රහේළිකා තරඟයේ අවසාන "නිවැරදිම සහෘදයා" තෝරා ගැනීමට පසුගිය දිනක සිදු කරන ලදී. දැනටමත් ඔබ දන්නා පරිද්දෙන් ප්‍රහේළීකා අංක 3, 4, 5 නිවැරදිව පිරවූ ඔබ සැම තරඟය සඳහා සුදුසුකම් ලබා තිබුණී.

අවසාන "නිවැරදිම සහෘදයා" තෝරා පත් කර ගැනීම බලාපොරොත්තු වූවාට වඩා තියුණු මුහුණුවරක් ගෙන තිබුණී. මන්ද යත්, තරඟ කරුවන් අතුරින් කිහිපදෙනෙකුම නිවැරදිව ප්‍රහේළිකා තුනම පුරවා ඇති බැවිනි, නමුත් අක්ෂර වින්‍යාසය මගින් වඩාත්ම "නිවැරදිම සහෘදයා" තෝරා ගැනීම සිදු කෙරින.




ඒ අනුව වඩාත්ම  නිවැරදිම සහෘදයා බවට පත්වුයේ නදීShani සොයුරියයි. ඇයි සිංහල බ්ලොග් අඩවියක් නොලියන තැනැත්තියක් වීම මෙහි ඇති සුවිශේෂිත්වයයි.

එසේ තෝරා පත් කර ගන්නා "නිවැරදිම සහෘදයා" වෙත ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනය වෙතින් අගනා තිළිණයක් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බව දන්‍වන්නේ හදපිරි සතුටිනි.




නිවැරදිම සහෘදයා බවට පත්වු ඔබට ලාංකීය සිතුවිලි අපෙන් සුබ පැතුම් මෙසේ සටහන් කරමු

No comments:

Post a Comment

Labels

Blog Archive