පහන් සිලක් දැල්වීමේ ආරාධනය 2011 කවි මඩුව

හිරු දෙවියනි හිරු මඩලට වඩින්නේ
සරස්වතී කුමරිය මෙහි වඩින්නේ
වැරදි නැතිය හරි දෙයකුයි කරන්නේ
සැම දෙස බලා සැමට සෙත සදන්නේ

සොදුරු දෙයකි අරඹන්නට හදන්නේ
සැමට සෙතක් ඇති බවකුයි සිතන්නේ
අද දින අපි කවි මඩුවක් කරන්නේ
කවි කම් මතින් හොද මිනිසුන් හදන්නේ

රතු පාවඩ නැත කවි පලසකි එලන්නේ
කවි කම් මතින් අපෙ මඩුවට වඩින්නේ
කවි කියන්න සැමටම සුබ පතන්නේ
පිළිගන්නේ ඔබ සැම හදපිරි තුටු සිතින්නේ


පහන් සිලක් දැල්වීමේ ආරාධනය

සමාව අවසර මිතුරනි පිළිගන්න
සම්ප්‍රධාය ඉදිරියටත් අප රැකගන්න
සැම දෙනාම එකාවන්ව ගොඩවන්න
ඇරයුම සැමටම තිරයක් පහනේ දල්වන්න

පහනේ තෙල් සුවදින් සිත් සැනසේවා
පහනේ ආලෝකය දසතම පැතිරේවා
පහනේ උණුසුම සැමටව සුවදේවා
පහනේ දැල්ල නිම වන තුරු නොනිවේවා



http://kavimaduwa.lankeeya.lk


මුල්ම මාතෘකවලෙස "මත්පැන් හොඳද , නරකද?" ඔබගේ කැමැත්ත පරිදි තෝරාගන්නා ලදී

No comments:

Post a Comment

Labels

Blog Archive